
තලාව, කැකිරාව මාර්ගයේ තෙළඹියාගම ප්‍රදේශයේ දි පාසල් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.
රණජයපුර නිවාස සංකීර්ණය අසළදී බස් රථය ගසක ගැටීමෙන් අද(27) උදෑසන 07.00 පමණ අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් සිසුන් 14දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කැකිරාව රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මේ අතර කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඒදණ්ඩාවල ප්‍රදේශයේ දි ත්‍රිරෝද රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා නාහේන්ගම, කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.
No comments:
Post a Comment