Wednesday, January 29, 2014

සමූහ මිනී වලේ වලේ සිරුරු කාගේද..?--ජනතා විමුක්ති පෙරමුණ

මන්නරාම් තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ වල දමා ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව විසින් මරා දමන ලද දෙමල ජාතිකයන්ගේ මළ සිරුරු විය හැකි යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් කියා ඇත්තේ උතුරේ සිටින හමුදාව දැනටත් එහි මානව හිමිකම් උල්ලංඝණය කරමින් සිටින බවත් දැනට සිටින දෙමළ ජනතාවද විනාශ වී යාමේ අවදානමක් ඇති බවයි.
මන්නරාම් ප‍්‍රදේශය වැඩි කාලයක් පාලනය කලේ හමුදාව බැවින් මේ ආකාරයේ ඝාතනයක් වෙනත් කිසිවෙකුට සිදු කල නොහැකි යයිද පවසන මන්ත‍්‍රීවරයා ජිනීවා සමුළුව ආසන්නයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සිටීමෙන් උතුරේ සමූල ඝාතනයක් සිදු වූ බව ජාත්‍යන්තරය තීන්දු කරනු ඇතැයිද කියා සිටී.
තම පක්‍ෂයට ආණ්ඩුවේ හැසිරීම සැක සහිත බවත් මෙම ඝාතනයන් යුධ හමුදාව විසින් සිදු කල බවට සිතිය හැකි බවත් මන්ත‍්‍රීවරයා දෙමළ මාධ්‍ය හා අදහස් දක්වමින් වැඩිදුරටත් කියා ඇ

ත.

No comments:

Post a Comment