Wednesday, January 29, 2014

අපි පුර්ණ සහාය ලබා දෙනවා-හියුගෝ ස්වයර්

ශ්‍රී ලංකාව විශ්වසනීයත්වයෙන් යුතු ප්‍රතිසන්ධාන ගතකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ නම් ඊට පුර්ණ සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය හියුගෝ ස්වයර් පවසයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැනනැගි ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් එරට විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩල අමාත්‍ය හියුගෝ ස්වයර් මෙලෙස ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.

මෙරට පැවති යුදමය වාතාවරණයෙන් අනතුරුව සාමය ස්ථාපිත කිරීම සඳහා පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකුළ නොවන බව වරෙක බ්‍රිතාන්‍ය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීම සඳහා පවත්වාගෙන යන ඕනෑම ස්වාධීන හා විනිවිද පරීක්ෂණයකට ජාත්‍යන්තරයේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වනබව හියුගෝ ස්වයර් අමාත්‍යවරයා පවසා තිබේ.

තමන් මෙම ප්‍රකාශය සිදුකිරීමට පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවිපිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එලිදැක්වු වාර්තාව ද සැළකිල්ලට ගත් බව අමාත්‍යවරයා පවසා ඇත.

No comments:

Post a Comment