Tuesday, January 28, 2014

සුසීලහිමිගේ ආදාහන හෙට සිදුකෙරේ

දක්ෂිණ ලංකාවේ මොරවක් කෝරළේ මොරවක ගණේගොඩ රජමහා විහාරාධිපති, මොරවක් කෝරළේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති, මොරවක බෞද්ධ මහා විද්‍යාලයේ විශ‍්‍රාමලත් විදුහලපති, ගෞරව ශාස්ත‍්‍රවේදී, පණ්ඩිත පූජ්‍යපාද දෙල්ලව සුසීල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වසර 77 ක් ආයු වළදා 2014 ක් ජනවාරි මස 25 වන දින අලූයම අපවත් වී වදාළ සේක.
උන්වහන්සේ කැලණිය වේවැල්දුව ශී‍්‍ර නාගරුක්ඛාරාමාධිපති සයිප‍්‍රසයේ ශී‍්‍ර ලංකාරාමාධිපති සයිප‍්‍රසයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසගේ ගුරුදේවයන් වහන්සේය.
ආදාහන පූජොත්සවය හෙට එනම් 2014ක් වු ජනවාරි මස 29 වන දින විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකෙරේ.

No comments:

Post a Comment