ලොව ගමන්මග වෙනස් කිරීමට සමත්වූ සරාගී කාන්තාවන් රැසක් ඉතිහාසයේ හමුවේ.
බුද්ධිමත්, ප‍්‍රතිභා සම්පන්න ඔවුහු නායිකාවන්, සංස්කෘතික සහ ලිංගික සංකේත
මෙන්ම ඔත්තුකරුවන් බවටත් පත්වූහ. මේ ඉන් කිහිපදෙනෙකි.ක්ලියෝපැට්රා නම් ඊජිප්තු පාරාවෝවරිය ජුලියස් සීසර් සහ මාක් ඇන්තනි යන එවකට ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය වූ රෝමයේ නායකයන් දෙදෙනෙකු ආකර්ෂණය කරගත් අතර බුමුතුරුණුවක මධ්‍යයේ සැගවෙමින් ඇය සීසර් වෙත පැමිණි ආකාරය ඉතිහාසයේ සඳහන්ව තිබේ.
රුසියාවේ මහා කැතරින් අධිරාජිනිය ඈ ඇසුරු කළ පෙම්වතුන් ගණන නිසා සුප‍්‍රසිද්ධ වේ. ඕනෑම කෙනෙකු ටික කාලයක් ඇසුරු කළ පසු ඇය ගම්වර ආදිය ප‍්‍රදානය කරමින් ඔවුන් හළා දැමූ බව පැවසේ.
බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට හාපිස්කෝර්ඞ් වාදන ශිල්පිනියක්වූ වයලට් ගෝඩන් වුඞ්හවුස් එක් වරක සැමියන් 4 දෙනෙකු සමග එක වහලක් යට දිවි ගෙවූ අතර ඔවුන් කිසිවිටක ආරවුල් ඇති කර නොගත් බව සඳහන් වේ.
පැරිස් නුවර සිය නර්තනය නිසා බොහෝ ප‍්‍රබල යුරෝපීයයන්ගේ පෙම්වතිය බවට පත්වූ ඕලන්ද ජාතික මතහාරි පසුව එම ආකර්ෂණය එච්-21 නමින් නාසි ජර්මනිය සඳහා ඔත්තුකාරියක් ලෙස කටයුතු කරන ලදී. ඇය පසුව ප‍්‍රංශ හමුදාව විසින් සොයාගෙන මරා දමනු ලැබිණි.
බි‍්‍රතාන්‍යයේ 8වන එඞ්වඞ් රජු රජ
කිරුළ පැළඳ සිටියේ වසරකටත් අඩු කාලයකි. දෙවරක් විවාහවී සිටි වාලිස් සිම්ප්සන් සමග පෙමින් වෙළුනු ඔහු කිරුළද ඇයද යන පැණයේදී තෝරාගත්තේ ඇයයි.
සුප‍්‍රකට ලේඛිකා අනායිස් නීන්ට නිව්යෝක්හි සහ කැලිෆෝනියාවේ සැමියන් දෙදෙනෙකු සිටි අතර විටක සැමියා සහ බිරිඳ දෙදෙනාම ආකර්ෂණය කරගත් බව පැවසේ.
ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි සමග කෙටි සබඳතාවයක් පැවැත්වූ සුප‍්‍රකට නිළි මැරිලින් මොන්රෝ මියයන තුරුම ලොව අංක එකේ සරාගී කාන්තාව ලෙස සළකණු ලැබිණි.
No comments:
Post a Comment