Tuesday, February 18, 2014

ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 04 වන දින ආරම්භවේ....


2013 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ

ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 04 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මාර්තු මස 14 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 1,163කදී පැවැත්වීමට නියමිතය.

මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා එක් ලක්ෂ 57,551 දෙනෙකු අයදුම් කර තිබේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයටත් තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි මස 24 වන දින සිට මාර්තු මස 28 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment