Monday, February 17, 2014

ගුවන් තොටුපොළේ පෙට්ටි වල සිටින සතුන් ආහාර නොමැතව මැරෙයි...

 
මැඩගස්කරයේ වෙසෙන ඉතා දුර්ලභ උරගයන් සහ උභය ජීවීන් සිය ගණනක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ගුවන් තොටුපොළේ මැරී සිටි බව වාර්තා වේ.
කටුස්සන්, හූනන් සහ ගෙම්බන් ඇතුළු සතුන් එක් දහස් හය සියයක් හමු වී තිබෙන්නේ ඇමෙරිකාවේ සත්ව සාප්පුවලට යැවීම පිණිස සකස් කොට තිබුණු පෙට්ටි දෙකක් තුල රඳවා සිටියදී.
ආහාර හෝ ජලය ලබා දී නැති බවයි, විශ්වාස කෙරෙන්නේ.උතුරු ඇමෙරිකාවේ පවතින අධික සීතල හේතුවෙන් එම සතුන් ප්‍රවාහනය කිරීම පමා වී ඇති අතර, ඒ අතරතුර දින පහකට අධික කාලයක් එම සතුන්ට
එම සතුන් ප්‍රවාහනය කිරීම සඳහා අදාළ සමාගම සතුව බලපත්‍රයක් තිබෙන නමුත් සතුන්ට කුරිරු වීමේ චෝදනා යටතේ සමාගමට එරෙහිව නඩු පැවරීම පිළිබඳව සත්ව හිමිකම් සංවිධාන සලකා බලමින් සිටින බවද වාර්තා වේ.

No comments:

Post a Comment