ශ‍්‍රි පාද රක්ෂිතයට අයත් නෝටන්බ්‍රිජ්, වග්ගම, මොරහේනගම රක්ෂිතයෙන්
වල්ලපට්ට ගසක් කපා කොටස් වශයෙන් කැබලිකර අලෙවි කිරීමට සුදානම්කර තිබියදී
හැටන් අඩවිවන කාර්යාල නිලධාරින් විසින් ශ‍්‍රි පාද රක්ෂිතයෙන් වල්ලපට්ට තොගයක් සමග සැකකරු
අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ අඩවිවන නිලධාරින් එසේ සිය භාරයට ගත් කිලෝ 42ක් පමණ වන එම වල්ලපට්ට තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් වන බවගනන් බලා තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනිමත් සමග අඩවිවන නිලධාරින්ගෙන් පලාගොස් නිවස තුළ
පසුව සැකකරු ලක්ෂපාන ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව තත්ත්වය බරපතළ නිසා ඔහුව නාවලපිටිය මුලික රොහලට මාරුකර යවා ඇත.
නැවත අඩවිවන නිලධාරින් සැකකරුගේ නිවසට නෝටන්බ්‍රිජ් පොලිසිය සමග යනවිට එම වල්ලපට්ට තොගය රැගෙන යාමට පැමිණි ගැනුම්කරුවන් දෙදෙනාද නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ‍්‍රි පාද රක්ෂිතයේ ඇති වල්ලපට්ට ගස් මේ වන විටත් ජාවරම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇත.
අඩවි වන නිලධාරීන් භාරයට ගත් වල්ලපට්ට තොගය හා අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
වස පානය කර තිබේ.
No comments:
Post a Comment