අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ සාලාව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදික වේගය නිසා යතුරු පැදිය පාලනය කරගත නොහැකිව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා සාලාව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල, අලවතුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment