Tuesday, February 4, 2014

වෛද්‍යවරයාට අල්ලස් දීමට ගත් ප්‍රයත්නය වරදී..අනුමැතියද නොලැබේ

ඉන්දියාවෙන් පිළිකා නාශක එන්නත් වර්ගයක්‌ මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබාගැනීම සඳහා මෙරට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට එක්‌තරා බෙහෙත් සමාගමක්‌ විසින් රුපියල් මිලියන 15 ක අල්ලස්‌ මුදලක්‌ ලබා දීමට ගත් උත්සාහය එම වෛද්‍යවරයාගේ විරෝධය මත ව්‍යර්ථ වී ගොස්‌ තිබේ.
සති දෙකකට පමණ පෙරදී මෙසේ අල්ලස්‌ මුදල් ලබාදී අදාළ පිළිකා නාශක එන්නත් මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබා ගැනීමට එම බෙහෙත් සමාගම උත්සාහ දරා තිබේ. මෙකී බෙහෙත් සමාගම පිළිකා නාශක බෙහෙත් වර්ග මෙරටට ගෙන්වීම සඳහා නීති විරෝධී අයුරින් එක්‌ දින සේවය යටතේ ලියාපදිංචිය ලබාගෙන ඇති සමාගමකි.
මෙම බෙහෙත් සමාගම මෙයට පෙරද පිළිකා නාශක එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට වෙනත් පිළිකා රෝග විශේෂඥ

වෛද්‍යවරයකු මුදලට ගැනීමට ගත් උත්සාහයද ව්‍යර්ථ වී ගොස්‌ තිබිණි.
- Divina

No comments:

Post a Comment