Thursday, February 6, 2014

ශ්‍රී ලංකාව අයිසීසී යෝජනා ප්‍රතික්ෂේප කරයි

අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩි බලතල ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට පැවරෙන යෝජනාවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට තිබේ.
හිටපු ක්‍රිකට් නායකයන්, හිටපු සභාපතිවරුන්, හිටපු ලේකම්වරුන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹුණු බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එය රැස්වීමට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක් බවද නිවේදනයේ සඳහන්.

No comments:

Post a Comment