Saturday, March 1, 2014

නරක්වූ කුකුළු මස් තොගයක් හමුවෙයි...

 පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝග‍්‍රෑම් 250 කට අධික තොගයක් කුලියාපිටිය දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ පිහිටි ආහාර සැපයුම් මධ්‍යස්ථානයකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප‍්‍රදර්ශනයේ ආරම්භක දිනයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100 කට ආසන්න පිරිසක් සේවයේ නියුක්තව සිටින අතර, ඔවුන් නිරන්තරයෙන්ම මෙම භූමියේ ඉදිකර ඇති තාවකාලික වෙළඳසැල් පරීක්ෂාවට ලක් කරනවා. මේ දක්වා සිදුකළ වැටලීම්වලදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළඳුන් 21 දෙනෙකුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටද නියමිත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.

No comments:

Post a Comment