අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස තල් ගස් යොදා ගැනීමේ
නියමු ව්‍යාපෘති හතරක් රට පුරා ආරම්භ කරන ලද බව ප්‍රැක්ටිකල් ඇක්ෂන්
සංවිධානය ප්‍රකාශ කරයි.
තල්ගස් පේලි හතරක් වැවීමෙන් අලින් ගෙන් සිදු වන හානි
වැළැක්විය හැකි බව මුලින්ම තමන්ට යෝජනා කළේ මඩකලපුව, ත්‍රිකුණාමලය,
හම්බන්තොට සහ පුත්තලම් දිස්ත්‍රික්කවල අලින් ගෙන් බැට කන ජනතාව බව,
සංවිධානයේ වැඩසටහන් කළමනාකරු රණසිංහ පෙරේරා කියා සිටියේය.කිලෝමීටරයකින්, කාබන් මෙට්‍රික් ටොන් 1250 ක් අවශෝෂණය කරනවා'
අලි මිනිස් ගැටුම වැළැක්වීම් වස් මෙවැනි ව්‍යාපෘතියක් සමස්ත ලෝකයේම ක්‍රියාත්මක වන්නේ පළමු වතාවට බවද ඔහු ප්‍රකාශ කරයි.
අලි මිනිස් ගැටුම වැළැක්වීම පිණිස මෙතෙක් යොදා ගනු ලැබ තිබෙන විදුලි වැට ඇතුළු සියලු ක්‍රමවේදයන් අලින්ට එරෙහි මනෝ විද්‍යාත්මක බාධක පමණක් බව පවසන රණසිංහ පෙරේරා, තල් ගස් පේලි හතරක් 'සිග් සැග්' ක්‍රමයට සිටුවීම මේ දක්වා ක්‍රියාවට නැගුණ එකම භෞතික බාධකය බවද සඳහන් කරයි.

No comments:
Post a Comment