Sunday, February 9, 2014

2013 සුරා බදු වැටලීම් දඩ මුදල කෝටි 10යි


සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද වැටලීම් වල දී2013 වසරේදී පමණක් රුපියල් කෝටි 10ට ආසන්න මුදලක් දඩ වශයෙන් උපයාගෙන තිබේ.

එම වර්ෂයේ වැටලීම් 32,881 සිදු කළ බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතරින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් සිදු කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර 2012 වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ සැර මත්පැන් නිෂ්පාදනය සියයට 11කින් අඩු වී ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.

දුම්වැටි නිෂ්පාදනය ද 2013 වර්ෂයේ සියයට 4කින් අඩු වී ඇත.

2012 වර්ෂයේ දී දුම්වැටි මිලියන 4320ක් නිෂ්පාදනය කර ඇති අතර 2013 වර්ෂයේ දී නිෂ්පාදනය කර ඇති දුම්වැටි සංඛ්‍යාව මිලියන 4130කි.

කෙසේ වෙතත් 2012 වර්ෂයට සාපේක්ෂව 2013 වර්ෂයේ දි බීර නිෂ්පාදනය සියයට 21කින් වර්ධනය වී ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

No comments:

Post a Comment