Saturday, February 8, 2014

ජල මට්ටම් පහතට- පානීය ජල හිඟයක්......

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි සහ කළු ගංඟාවන්හි ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහළ යාම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට පානීය ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.
 එහි සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය සඳහන් කළේ විශේෂයෙන් මහනුවර සහ මොරටුව ප‍්‍රදේශවලට මෙලෙස ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බවයි.
 මේ නිසා පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලූම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේ.

මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාලේ, හාරිස්පත්තුව, තෙල්දෙණිය යන ප‍්‍රදේශවලට උග‍්‍ර පානීය ජල හිඟයක් පවතින බව ආරංචි මාර්ග සදහන්කරයි.
 මෙම ප‍්‍රදේශවල පෞද්ගලික බවුසර් හිමිකරුවන් මුදලට පානීය ජලය අලෙවි කරන බවට ප‍්‍රදේශවාසීන් පවසන බව ආරංචි මාර්ග සදහන්කරයි. .



No comments:

Post a Comment