තමන් එජාපයෙන් බස්නාහිර මහ ඇමතිකමට ඉල්ලන්න කැමතිවුණාට පක්ෂය කැමති වුණේ නැතැයි රංගන ශිල්පී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පවසයි.
‘මම 2006 කටාන හිටපු ප‍්‍රධාන සංවිධායක. ශාඛා සමිති 65ක් පිහිටෙව්වා. සබරගමු පළාත් සභාවෙන් මහ ඇමතිකමට ඉල්ලපු සන්නස්ගල ආපු තර්ජන වලට බියෙන් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කරපු වෙලාවේ මම ඒ අභියෝගය භාර අරන් සබරගමු මහ ඇමතිටත් වඩා ඡන්ද ගත්තා.
මේ පාරත් ඒ අභියෝගය භාර ගන්න මම සූදානම් වුණා.
රෝසි සේනානායකට, හර්ෂ ද සිල්වාට, රවි කරුණානායකටත් ඒ යෝජනාව ආවා. නමුත් පසුව මට ආරංචි වුණා පක්ෂය තීරණය කරාලූ පක්ෂයේ ප‍්‍රබල හඩක් නගන්න පුළුවන් මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අඩු නිසා ඔවුන්ව පළාත් සභාව වැනි කුඩා ඡන්දයකට නොදා ඉන්න.
අපිව මහ ඡන්දයට තියා ගන්න සූදානමක් තිබෙනවාලූ.
No comments:
Post a Comment