Tuesday, February 4, 2014

කැතරින් රසල් හට වීසා ලබා දීම ප්‍රතික්ෂේපකරයි-

කාන්තා කටයුතු පිළිබඳ ඇමරිකානු තානාපතිනි කැතරින් රසල් හට වීසා ලබා දීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පළ කරයි.

ඇයට වීසා ලබා නොදෙන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය තමන්ට දන්වා ඇතැයි කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසිය.

ලොව පුරා කාන්තාවන් සමාජීයව සහ දේශපාලනිකව බල ගන්වමින් සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීමට කටයුතු කිරීම තානාපතිනි කැතරින් රසල් ගේ කාර්යභාරය බව ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටියි.
කැතරින් රසල් මේ මස දහ වෙනි දින සහ එකලොස් වෙනි දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව සිටියාය.
ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් කාන්තා මූලික පවුල් වලට සිදුවී ඇති බලපෑම සහ කාන්තාවන්ට බලපාන වෙනත් කරුණු පිළිබඳව දිගටම අවධානය යොමු කරන බව ඇමරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

No comments:

Post a Comment