Friday, February 7, 2014

යතුරු පැදි-ටිපර් අනතුරින් දෙදනෙක් මරුට....


ඊයේ (06දා) යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ සිටි තරුණයින් දෙදනාම මරණයට පත්ව ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
 මෙසේ මරණයට පත්ව ඇත්තේ සාමිනාදන් නන්දදේව (29)  අසංක සංඛ බණ්ඩාර (18) නැමැති දෙදෙනායි.
 ටිපර් රථයේ යටට ඇදී ගොස් තිබු යතුරු පැදියේ ඉන්දන ටැංකිය පුපුරා යාම නිසා ටිපර් රථය ගිනිගෙන පිලිස්සී තිබේ.
 මරණයට පත්වු තරුණයින් දෙදෙනා වනාතවිල්ලුව දහය කනුව ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු බවද හෙළිවේ.

No comments:

Post a Comment