මියන්මාරයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා හෙට(03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.
මෙම සමුළුව ලබන අගහරුවාදා මියෙන්මාරයේ දී පැවැත්වෙයි.
බිම්ස්ටෙක් සමුළුව සඳහා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, මියෙන්මාරය, තායිලන්තය , භූතානය සහ නේපාලය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතය.
සමුළුව අතර තුර දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඉන්දීය විදේශ කටයුතු ලේකම් සූජාතා සිං මහත්මිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඒ පිළිබඳ පසුගියදා වාර්තා කළේය.
විශේෂයෙන් එම සාකච්ඡාවේ දී මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාව පිළිබඳව දෙරටේ නායකයින්ගේ අවධානය යොමුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
No comments:
Post a Comment