රජරට වකුගඩු රෝගය යැයි සමහරුන් විසින් හැඳින්වුන මේ රෝග
තත්වය පිළිබඳ ව විමර්ශනයක් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා
සිටින්නේ කෘෂි රසායනික භාවිතය සහ මෙම රෝග තත්වය අතර සම්බන්ධතාවක් තිබෙන
බවයි.
දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හේතුවෙන් හැදෙන
වකුගඩු රෝගයට වඩා වෙනස්ව හැදෙන වකුගඩු රෝගය මුලින්ම රජරට ප්‍රදේශයේ බහුලව
පැතිරෙන්නට වූ හෙයින් එය රජරට වකුගඩු රෝගය යැයි මුලදී හැඳින්වු බව ඒ
පිළිබඳව හොයා බැලු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
පළමු වතාවට 1993 දී මෙම වකුගඩු රෝගියෙක් හොයා ගත් අතර මුල් දශකය තුල
ප්‍රදේශයේ ජනතාවගෙන් සීයට දෙකකට පමණක් වැළදුන මේ රෝගය ඊළඟ දශකය තුළ සීයට
පහළොවකට වැළඳී තිබුණ බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසීය.
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම කෘෂි රසායනික භාවිතා
කරන රට බවට පත් වී ඇති බවත් හෙක්ටයාරයකට ඒකක 284 තරම් ඉහළ අගයක් පමණ භාවිතා
වෙන බවත් බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පෙන්වා දුන්නේය.
යාබද රටවල් හෙක්ටයාරයකට ඒකක දහයත් දොළහත් අතර
ප්‍රමාණයක් භාවිතා කරන අතර වාරේ කෘෂි රසායනික භාවිතා කිරීම අතින් දෙවෙනි
තැන ගෙන සිටින බංග්ලාදේශය හෙක්ටයාරයකට ඒකක 164 ක් පමණ භාවිතා කරන බවයි
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment