ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2,200ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් අනුකමිටුවේ නිර්දේශ මත මෙම බස් රථ ලබාදීමට තීරණය වී ඇති බව සඳහන්ය.
ආසන හතළිස් දෙකේ බස් රථ 800ක් සහ ආසන 54 අර්ධ සුඛෝපභෝගී බස් රථ 1400ක් ඒ යටතේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
සුඛෝපභෝගී බස් රථ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගැනීමට නියමිතය.
එම එක් බස් රථයක මිල අමෙරිකානු ඩොලර් 34,100ක් වන බව සඳහන්ය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ
No comments:
Post a Comment