Friday, March 21, 2014

අගමැතිගේ ට්විටර් තහනම ජනාධිපති කඩයි

 
තුර්කියේ අගමැති රෙජෙප් තයීයප් එර්දොවාන් විසින් ප්‍රකාශයට පත් කළ ට්විටර් තහනමක් ජනාධිපති අබ්දුල්ලා ගුල් විසින් අභියෝගයට ලක් කරනු ලැබ තිබේ.
සියලු සමාජ ජාල සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි, ජනාධිපති ගුල් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කරන්නේ.

අන්තර්ජාල වෙබ් අඩවියක් කිසිවකුගේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ නම් එවැනි වෙබ් අඩවි පමණක් තහනම් කළ යුතු බවයි, ජනාධිපතිවරයා පවසන්නේ.
ට්විටර් ජාලය ඔස්සේ අගමැති රෙජෙප් තයීයප් එර්දොවාන්ගේ පෞද්ගලික සංවාදවල හඬපට ප්‍රචාරය වීම සහ අගමැතිවරයාට එරෙහි දූෂණ චෝදනා එල්ල වීම හමුවේ, ට්විටර් ජාලය රටින් අතුගා දමන බවට අගමැතිවරයා ප්‍රතිඥා දුන්නේය.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ පනවන ලද තහනම නොතකා ට්විටර් ජාලය භාවිතා කිරීමට තුර්කියේ ඇතැම් භාවිත කරන්නෝ දැනටමත් සමත් වී සිටිති.

No comments:

Post a Comment