සතියකට පෙර සලකුණක් හෝ නොතබා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයට අත් වූ ඉරණම තවමත් අබිරහසකි.
මාර්තු අට වැනිදා අළුයම මගීන් 239 ක් රැගෙන
මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරින් චීනයේ බේජිං අගනුවර බලා පිටත් වූ
බෝයින් 777-200ER ගුවන් යානය පාලක මැදිරියේ සම්බන්ධතා දර්ශකයන් ගෙන් මැකී
ගියේ අළුයම 01:20 ට පමණ බවයි සටහන් වී තිබෙන්නේමෙම යානයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කළ හැකි තොරතුරු සියල්ල තවමත් මායාවක්ව පවතින අතර සිදු විය හැකි යැයි අනුමාන කළ හැකි හේතූන් අතර යානය පැහැර ගැනීමකට ලක්වීම ,යම් පුද්ගලයෙක් හෝ පිරිසක් අතින් විනාශයට පත්වීම, එසේත් නැතිනම් යානය අභ්‍යන්තරයේ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය හා මගීන් මුහුණ දුන් දුෂ්කර තත්වය ආදී අංශ කෙරෙහියි අවධානය යොමු වෙමින් පවතින්නේ.
රේඩාර් පාලනය
කෙසේ වුවද, තවමත් යානයට අයත් සුංබුන් හෝ වෙනත් කිසිවක් හමු වී නැති බැවින් පිරික්සීම් කටයුතු මුළුමනින්ම පාහේ යානයේ ගමන් පථයේ අවසන් හැසිරීම් වෙත යොමු වී ඇත.මෙවැනි තත්වයක් යටතේ අතුරුදහන් වූ ගුවන් යානයක් සොයාගන්නේ කෙලෙසද? එසේම MH370 යානයේ අවසන් හැසිරීම් පිළිබඳව අප දැනට දන්නේ මොනවාද?යන්න වැදගත් කරුණු වෙති
ගුවන් ගමන් පාලනය යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත්,ප්‍රාථමික හා ද්විතීයික රේඩාර් පද්ධතියක් මගින් පරීක්ෂාවට ලක් කිරීමයි.
ප්‍රථමික රේඩාර් නමින් හැඳින්වෙන්නේ 1930 දී මුල් වරට හඳුන්වා දුන් රේඩාර් ක්‍රමය වන අතර ඒ මගින් සිදු වන්නේ පරාවර්තනය වන රේඩියෝ තරංග ආධාරයෙන් දළ වශයෙන් යානයේ පිහිටීම නිර්ණය කිරීමයි.
No comments:
Post a Comment