Tuesday, March 18, 2014

මැතිවරණ සමයේ පළමු ඝාතනයදොම්පේ - කිඹුල්විලවත්ත ප‍්‍රදේශයේදී...


දොම්පේ - කිඹුල්විලවත්ත ප‍්‍රදේශයේ දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද (18) දහවල් ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දොම්පේ පොලිසිය සඳහන් කළේ මැතිවරණ සැරසිලි සිදුකරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි. පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු යැයි කියන පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට  තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. මෙය බස්නාහිර - දකුණ පළාත් සභා මැතිවරණ සමයේ වාර්තා වූ පළමු පුද්ගල ඝාතනයයි.

No comments:

Post a Comment