අතුරුදහන්ව ඇති මලයාසියානු MH370 ගුවන්යානයේ නියමු ෂහාරි අහමද් ෂාහ්ගේ
නිවසේ තිබී සොයාගන්නා ලද ගුවන් සිමියුලේටරයේ මෘදුකාංගයකින් ශ්‍රී ලංකාවේ
ගුවන් පථයක්ද අධ්‍යයනය කර ඇති බව අනාවරණය වී තිබේ.
අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමේදී ඉන්දු-ශ්‍රී ලංකා ගුවන්පථ 3 ක්ද,
අමෙරිකානු කේන්ද්‍රීය දියාගෝ ගාර්ෂිවේ ගුවන්පථයක්ද, මාලදිවයින් ජාත්‍යන්තර
ගුවන්පථයක්ද , එම ගුවන් නියමුවා විසින් අධ්‍යයනය කර ඇති බව Malay Daily
පුවත් සේවය උපුටා දක්වයි.
මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අදට දින 10 ක්
සම්පූර්ණ වුවද මේ දක්වා ඒ ගැන නිශ්චිත හෙළිදරව්වක් සිදුකිරීමට පරීක්ෂණ
පවත්වන කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.
ඉකුත් සතියේ (08) වැනිදා මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං
දක්වා පියාසර කරමින් තිබියදී බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 නැමැති යානය
අතුරුදන් වූ බව විදෙස් පුවත් වාර්තා කරන ලදී.
එදින සිට මේ දක්වා මලයාසියාව, චීනය, අමෙරිකාව, රුසියාව, වියට්නාමය මෙන්ම
ඉන්දියාව ද එය සෙවීමේ කටයුතුවල නිරත වන අතර එකී ගුවන් යානය මුහුදුට කඩා
වැටුණු බවත් සුන් බුන් හමුවු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළද එයද මේ දක්වා
නිශ්චිතව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැත.
ලොව ඉහළ යුද තාක්ෂණයක් සහිත අමෙරිකාව, රුසියාව ප්රමුඛ චීනයට ද මෙම ගුවන්
යානයට සිදුවුයේ කුමක්දැයි ස්ථීරවම පිළිතුරක් ලබාදීමට හැකියාවක් නොතිබියදී
එකී ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇති බව මලයාසියානු බලධාරීන් පවසයි.
එසේ වුවද එය ද සැක සහිත ප්‍රකාශයක් බව එම වාර්තාවල දැක්වෙයි.
කෙසේ හෝ අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සොයා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් මේ වනවිට යොමුව තිබේ.
ඒ අනූව සෝදිසි මෙහයුම් මලයාසියානු අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශය වෙත වැඩි
අවධානයක් යොමුකරමින් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ද අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම
සඳහා විශේෂ නෞකාවක් සහ ගවේෂණ ගුවන් යානයක් බෙංගාල බොක්ක ආශ්රිත
ප්‍රදේශයට, අන්දමන් මුහුද සහ ඉන්දියන් සාගරය ආශ්රිත ප්‍රදේශයන්ට යවා ඇත.
අදාළ යානය අතුරුදන් වු වේලාවෙන් පසු පැය 05 ක පමණ කාලයක් ගුවනේ තිබු බවට ද විවිධ වාර්තා පළ වී තිබේ.
කෙසේ වෙතත් මලයාසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානය
ක්වාලාලාම්පුර් දෙසට හරවා ඇති බවට තවමත් සැක පළ කළ හැකි බවයි.
No comments:
Post a Comment