අතුරුදහන්ව ඇති මලයාසියානු MH370 ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම
සඳහා සොයාබැලීමේ ගුවන්යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළුවීමට අවසර
ලබාදී ඇති බව විදෙස් කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාළ ගුවන්යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහයදෙමින් මලයාසියානු, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, අමෙරිකානු ගුවන්යානාවන්ට එම අවසරය ලබාදී ඇති බව අමාත්‍යංශය කියා සිටියි.
පසුගිය 08 වන දින අතුරුදහන්වුණු මෙම ගුවන්යානයේ නියමු ෂහාරි අහමද් ෂාහ්ගේ නිවසේ තිබී සොයාගන්නා ලද ගුවන් සිමියුලේටරයේ මෘදුකාංගයකින් ශ්‍රී ලංකාවේ ගුවන් පථයක්ද අධ්‍යයනය කර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව ඉන්දියා-ශ්‍රී ලංකා ගුවන් හා මුහුදු සීමාවන්වල මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදී ඇත.

No comments:
Post a Comment