Sunday, March 16, 2014

අද මැදින් පුර පසලොස්වකදිනයයි.

මැදින් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සම්බුද්ධ චරිතාපදානයේත් අසිරිමත් සිද්ධීන් රැසක් සිදුවුණු පූජනීය දිනයක් ලෙස බෞද්ධ බැතිමතුන් අද දිනය සලකනවා. ලෝකාර්ථ චර්යාවේ යෙදුණු බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝයා පිරිවරාගෙන රජගහ නුවර වේලූවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීමට ගමන් ආරම්භ කළේ අදවන් දිනකයි. ඒ සුද්ධෝදන පිය රජතුමාටත්, තම ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමාමහ නිවන් සුව අත්කර දීම පිණිසයි. සුද්ධෝධන රජුගේ ඉල්ලීම පරිදි කාලූදායි ඇමැතියාගේ ආරාධනයෙන් කිඹුල්වත් නුවරට වැඩම කල බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානය දුරුකරලීම පිණිස අහසට නැග යමාමහ පෙළහැර දැක්වූ බව සඳහන්. පසුව සුද්ධෝදන පියරජතුමා විසින් බුදුන් වහන්සේ වෙත සිය තෙවැනි වැඳුම සිදුකළා. පිළිවෙළින් ශාක්‍යයන්ට සහ යශෝධරා දේවියට, වෙස්සන්තර සහ සදකිඳුරු ජාතකය දේශනා කළ බුදුන් වහන්සේ අනතුරුව රාහුල කුමරු තමන් වහන්සේගේ ශාසනයට ඇතුළත් කර ගනු ලැබුවේද මෙම ගමනේදීයි. මෙලෙස ශාසනික වශයෙන් වැදගත් සිද්ධීන් රැසක් සිහිකරමින් අදත් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

No comments:

Post a Comment