මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීමට පෙර නියමිත ගමන්
ගමන් පථයෙන් ඉවත් වී බටහිර දිසාවට ගමන් කර ඇති බව මැලේසියානු ගුවන් හමුදාව
සනාථ කළේය.
ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත කළ මෙම යානය පැයක් ඇතුළත අතුරුදහන් වූයේ පසුගිය සෙනසුරාදා යිසොරාගත් ගුවන් ගමන් බලපත්රයක් සහිතව ගමන් කළ එක් පුද්ගලයකු වන 18
හැවිරිදි ඉරාන ජාතික පූරියා නූර් මොහමඩ් මෙහ්දාඩ් නීති විරෝධී ලෙසින්
ජර්මනියට සංක්රමණය වීමට උත්සාහ දරා ඇති බවයි, පොලිසිය පවසන්නේ.සොරාගත් ගුවන් ගමන් බලපත්රයක් යොදා ගනිමින් එම ගුවන් යානයේ ගමන් කළ දෙවැනි මගියා 29 හැවිරිදි දෙලාවර් සේයෙඩ් මොහමඩ්රෙසා ලෙසින් ඉන්ටර්පෝල් අන්තර්ජාතික පොලිසිය විසින් හඳුනාගනු ලැබ තිබේ.
මොවුන් ත්රස්තවාදී කණ්ඩායමක සාමාජිකයන් විය නොහැකි බව මැලේසියාවේ පොලිසිය පවසයි.
ගුවන් යානය අතුරුදහන් වීමට හේතුව ත්රස්තවාදී ක්රියාවක් බවට ඇතිවූ සැකය ක්රමයෙන් පහව යමින් පවතින බවයි, බෙයිජිං නුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් කියාතිබේ.
No comments:
Post a Comment