මාදම්පේ - ඉස්සන්මැඩිල්ල ප්රදේශයේ ඇතිවූ ගින්නකින් අක්කර 10 ක පමණ පොල් වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
ඊයේ(14) වැනිදා දහවල් මෙම ගින්න හට ගෙන ඇත.
මාදම්පේ - මැදගම ප්රධාන මාර්ගය අයිනේ තිබූ කුඹුරු යායක මුලින්ම ගින්න හට ගෙන තිබේ.
පසුව ගින්න ඒ ආසන්නයේ වූ පොල් වගාවන් කීපයක් වෙතද පැතිර ගොස් ඇත.
ගින්නට හසුවූ පොල් ගස් 250 කට ආසන්න ප්රමාණයක් විනාශ වී ඇති බව ප්රදේශවාසීන් කියයි.
ගින්න හට ගෙන තිබූ ප්රදේශයේ නිවාස පිහිටා ඇති බැවින් ගින්නට නිවාස බිලි නොවීම සඳහා ප්රදේශවාසීන් දැඩි වෙහෙසක් ගෙන කටයුතු කර තිබුණි.
හලාවත ප්රාදේශීය සභාව,මාදම්පේ පොලීසිය සහ යුද හමුදාව එක්ව මේ වනවිට ගින්න පාලනය කර ඇත.

No comments:
Post a Comment