දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - පින්නදූව සිට මාතර - ගොඩගම දක්වා වූ කොටස
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ මහජනතාව
වෙනුවෙන් විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය කඩුවෙල සිට
මාතර - ගොඩගම දක්වා දීර්ඝ වනු ඇති.
අධිවේගී මාර්ග කොටස විවෘත
කිරීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත මහජන හමුවක් හේතුවෙන් විශේෂ
රථවාහන
සැලැස්මක් පස්වරු 3.30 සිට කි‍්‍රයාත්මක බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඒ අනුව
අකුරැස්ස සිට මාතර දක්වා ධාවනය වන වාහන මාලිම්බඩ හන්දියෙන් වමට හැරී
වැල්ලතොට, පඤ්ඤාසීහගම හන්දිය, අමුගොඩ පාලම, පෙත්තරේ පාලම, ගොඩගම හන්දිය,
තිහගොඩ හන්දිය, නාදුගල හන්දිය, තුඩාව පොම්පාගාරය, ගබඩාවීදිය හරහා මාතර
දක්වා ගමන් කළ හැකියි. එසේම මාතර සිට අකුරැස්ස දක්වා ගමන් කරන වාහන මාතර
සිට අකුරැස්ස මාර්ගයේ රාහුල හන්දියෙන් දකුණට හැරී ගබඩාවීදිය හන්දිය, හක්මන
පාර, තිහගොඩ හන්දියෙන් වමට හැරී ගොඩගම හන්දිය, පෙත්තරේ පාලම, අමුගොඩ පාලම,
පඤ්ඤාසීහගම හන්දිය, වැල්ලතොට පාලම, මාලම්බඩ හන්දියෙන් දකුණට හැරී අකුරැස්ස
දක්වා ගමන් කිරීමට හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
No comments:
Post a Comment