වයස අවුරුදු 15ක් වු පාසල් සිසුවියක් මව්පිය බාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්
ඇයට අතවර කළ බව කියන 31 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ
ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ දංකොටුව - ඇටියාවල,සිදම්බරම් වත්ත පදිංචිව සිටි දැරිවියකි.
ඇය දංකොටුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත.
සැකකරු විසින් පසුගිය මස 21 වැනිදා මෙම දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බව ඇයගේ මව්පියන් විසින් දංකොටුව පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකරු පදිංචිව සිටින්නේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ බව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
දංකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

No comments:
Post a Comment