Friday, March 7, 2014

ගවයින් 5600කට කුර සහ මුඛ රෝගය....

කුර සහිත සතුන්ට වැළදෙන කුර සහ මුඛරෝග මේ වන විට අනුරාධපුර, පුත්තලම, ති‍්‍රකුණාමලය, අම්පාර, යාපනය, මුලතිව්,  සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලට ද මෙම තහනම කි‍්‍රයාත්මක වනවා. ගවයින්ට මෙන්ම ඌරන් වැනි කුර සහිත සතුන්ට ද මෙම රෝගය බෝවිය හැකියි. මෙරට ගව ගහණය 15 ලක්ෂයක් පමණ වන අතර මේ වන විට ගවයින් 5600කට පමණ මෙම රෝගය වැළදී තිබෙනවා. ඌරන්ට ද මෙම රෝගය වැළදීමේ අවදානමක් පවතින බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර ද සිල්වා කියා සිටියේ. නීති පනවා මෙම රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමට උත්සාහ කළ ද ජනතාව ඊට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීම සීග‍්‍ර ලෙස සිදුවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, මෙම කුර හා මුඛ රෝගය අවම කිරීමේ අරමුණින් ප‍්‍රතිශක්තිකරණ එන්නත් 30,000ක් ගුවන් මගින් ලබන සතියේ දී මෙරටට ගෙන්වීමට නියමිත බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් කියාතිබේ.

මුඛ රෝගය දිවයින පුරා පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ වන විට ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5කින් මෙම රෝගය වැළදුණු ගවයින් හමුවී ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ සහ ඉන් පිටත ගවයින් සහ ගව මස් ප‍්‍රවාහන කිරීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් අද (07) නිකුත් කළා. 

No comments:

Post a Comment