Saturday, March 15, 2014

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී-ඵක් අයෙක් මරූට...

තිස්සමහාරාම - පන්නිගමුව ප‍්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ඊයේ (14) රාත‍්‍රියේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පන්නිගමුව සිට දෙබරවැව දෙසට ගමන් ගත් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස එක් පුද්ගලයෙකු මරුමුවට පත්වුණා. මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පුද්ගලයෙක්. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා දෙබරවැව රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.

No comments:

Post a Comment