Wednesday, April 30, 2014

දුම්රිය මැදිරි අඩි 20ක් පමණ දුරට විසිවී ගොස් ...............

පොතුහැර දුම්රිය ස්ථානයේදී අද (30) පෙරවරුවේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටී තිබේ.

මෙම අනතුරත් සමග දුම්රිය මැදිරි අඩි 20ක් පමණ දුරට විසිවී ගොස් ඇති අතර මැදිරි 2ට හා එංජින් 2ට දැඩි හානි සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ මගීන් 75 දෙනෙකු පමණ කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කරඇති අතර ඔවුන්ගෙන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය පොල්ගහවෙලට පමණක් සීමා කර ඇති අතර වව්නියාවේ සිට දුම්රිය ධාවනය කුරුණෑගලට සීමා කර ඇත.

No comments:

Post a Comment