අක්ෂි කාච බද්ධ කිරීමේ දී ඇතැම් වෛද්‍යවරුන් ඒ සඳහා අවශ්‍ය අක්ෂි කාච
පෞද්ගලිකව මිලදී ගැනීමට උපදෙස් ලබාදීම තුළින් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව
ඇති බව වාර්තා වෙයි.
ඇසේ සුද ඉවත් කිරීමේ රෝගය සඳහා අක්ෂි කාච බද්ධ කිරීම සිදුකරන අතර එම අක්ෂි
කාච සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොමිලේ ලබාදීම සිදුකරනු ලබයි.
එහෙත් ඇතැම් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් එම අක්ෂි කාච පෞද්ගලිකව මිලදී ගන්නා ලෙස රෝගීන්ට දැනුම්දෙන බව වාර්තා වෙයි.
රුපියල් 20,000කට අධික වටිනාකමකින් යුත් අදාළ අක්ෂි කාච මිලදී ගැනීමට
වත්කමක් නොමැති රෝගීන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා
සඳහන් වෙයි.
ඇතැම් රෝගීන් එම මුදල් රැස්කර ගැනීම සඳහා සිඟමන් යදින බව ද වාර්තා වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොමිලේ ලබාදෙන අක්ෂි කාච බද්ධ කිරීම සිදුනොකර
මෙලෙස රෝගීන් අපහසුතාවයට පත්කිරීම සිදුකරනු ලබන්නේ වෛද්‍යවරුන්ට ඉන් ලැබෙන
ප්රතිලාභ හේතුවෙන් බව අද දෙරණට වාර්තා වුණි.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරිමට ද රෝගීන්
රැසක් මේ වන විට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
No comments:
Post a Comment