Wednesday, April 9, 2014

නොරොච්චෝලේ චීනයට දෙන්නේ නෑ

නොරොච්චෝලේ විදුලි බලාගාරය චීනයට පැවැරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෙනුජිත් දසනායක මහතා පැවසුවේය.

එහෙත් ඇතැම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම මගින් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියළු කටයුතු චීනයට පැවරෙන අතර එහි සේවකයින්ගේ සුරක්ෂිතතාවද අනතුරට ලක්වන බවයි.

මෙම අවබෝධතා ගිවිසුම මගින් එවැනි කිසිදු පැවරීමක් සිදු නොකරන අතර විදුලි බලාගාරයේ අමතර කොටස් සහ සෙසු සේවාවන් පිළිබඳ එකඟතාවන්ට එළබීම පමණක් එහිදී සිදුවන බව සෙනුජිත් දසනායක මහතා පවසයි.

No comments:

Post a Comment