සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් පිටත්ව බලා පිටත්ව යන මගී
ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය වාර 58 ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව
කටයුතු යොදා තිබේ.
අද සිට මෙම නව දුම්රිය වාර ක්රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය අද දින සහ 11, 13, 17, 19 යන දිනවල රාත්රී 7.20 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය.
මීට අමතරව මේ මස 10, 12, 16, 18 සහ 20 යන දිනවල බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.45 ට විශේෂ දුම්රියක් කොළඹ - කොටුව දුම්රිය ස්ථානය වෙත ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියි.
උදෑසන 9.20 ට මරදාන දුම්රිය ස්ථානයෙන් ගාල්ල බලා විශේෂ දුම්රියක් ධාවනය වන අතර එම දුම්රිය අද දිනයේ මෙන්ම 10,11,12,16 සහ 17 යන දිනවල ද ධාවනය කෙරෙන බව සඳහන්ය.
සිංහළ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මරදාන සිට මාතර දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට තීරණය කර තිබේ.
එම දුම්රිය අද සිට 10, 11, 12, 16, 17, 18 සහ 19, 20 යන දින වලද පස්වරු 3.10 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව තිබේ.
මීට අමතරව අනුරාධපුර, මඩකළපුව සහ ත්රීකුණාමලය බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රියට අතිරේක මැදිරි කිහිපයක් එක් කිරීමටද කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියි.
මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවන් ද ක්රියාත්මක කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

No comments:
Post a Comment