Monday, April 28, 2014

මිනිස් ජීවිත බේරන ත්‍රිමාණ හදවත

 







උපතින්ම හඳුනා නොගත් දරුණු හදවත් රෝගයකින් පෙළුණු මාස 14ක් වයසැති රොලන්ඩ් ලියන් නම් වූ කුඩා දරුවා ලුයිස්විල් හි ළමා රෝහලට ඇතුළත් කළේය. රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ කුඩා රොලන්ඩ්ගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ශල්‍යකර්මයක් කළ යුතු බවයි. නමුත් වෛද්‍යවරුන් හට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය. මන්ද රොලන්ඩ් හට වැළඳී තිබෙන රෝගී තත්ත්වය තවමත් සොයා නොගත් හදවත් රෝගයක් වීමයි. පසුව වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමටත්, හඳුනා නොගත් රෝගී තත්ත්වය හඳුනා ගැනීමටත් ඇති එකම විසඳුම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය උපයෝගිකොට කෘත්‍රිම හදවතක් නිර්මාණය කර දරුවාට සම්බන්ධ කරවීමයි.
වෛද්‍යවරුන්ගේ එම අදහස ලුවිස්විල් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් ත්‍රිමාණ හදවත නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික උපදෙස් හා තාක්ෂණික උපදෙස් ලබා ගැනිණි. ඉන්පසු වෛද්‍යවරුන් විසින්ම 2ච් ඛිඊ ඉජචද තාක්ෂණය සහ ර්චඬඥපඡධබ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය භාවිත කරමින් දරුවාගේ හදවතේ ත්‍රිමාණ ආකෘතිය ත්‍රිමාණ තාක්ෂණය මගින් ඉතාමත් නිවැරදිව කෘත්‍රිමව නිර්මාණය කිරීමට සමත්විය.
හදවත් රෝගය වඩාත් නිවැරදිව පරීක්ෂා කිරීමට පහසුවෙන පරිදි මෙම කෘත්‍රිම හදවත දරුවාගේ හදවතට වඩා 1.5 ගුණයකින් නිර්මාණය කර තිබේ. මිල අධික මෙම කෘත්‍රිම හදවත නිර්මාණය කිරීමට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 600ක් පමණ මුදලක් වැයවුණු බවද වෛද්‍යවරුන් පවසා ඇත.
ඉතා අවදානම් වූ රොලන්ඩ්ගේ හදවත් සැත්කම ඉතා සාර්ථකව සිදුකරනු ලැබිය. ඒ ත්‍රිමාණ තාක්ෂණයට පින්සිදු වන්නටය. ඊට අමතරව කුඩා රොලන්ඩ්ගේ රෝගී තත්ත්වයද හඳුනා ගත්තේය. ශල්‍යකර්මය සාර්ථකව සිදුකිරීමෙන් පසුව පෙබරවාරි 14 දින දරුවා රෝහලෙන් පිටත් කර යැවීය. ඉන්පසුව පෙබරවාරි 21 දින දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේදී රොලන්ඩ් යහපත් ශරීර සෞඛ්‍යයකින් සිටින බවද අනාවරණය විය.
මේ ආකාරයෙන් ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කොට ගෙන වර්තමානයේ වෛද්‍ය තාක්ෂණය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක නව සොයාගැනීම් හා නවතම උපකරණද බිහිවෙමින් පවතී. ඉදිරියේදී ද ත්‍රිමාණ තාක්ෂණය මගින් රෝගීන්ගේ ජීවිත දහස් ගණනින් බේරා ගැනීමට හැකි වන බවට නම් කිසිදු සැකයක් නොමැත.

No comments:

Post a Comment