Tuesday, April 29, 2014

හංවැල්ලේ ගින්නකින් තුන්දෙනෙකුට තුවාල.

හංවැල්ල - දිද්දෙණිය ප‍්‍රදේශයේ ලෝහ දැල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගබඩාවක් තුළ අද පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් එහි සිටි සේවකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප‍්‍රතිකාර ලබන්නේ අවිස්සාවේල්ල රෝහලේයි. කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි පොලීිසිය සැක පළ කරනවා.

No comments:

Post a Comment