ඊයේ(29) පස්වරුවේ හංවැල්ල, දිද්දෙණිය පාර ප්‍රදේශයේ යකඩ දැල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් කර්මාන්ත ශාලාවේ සේවකයින් තිදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට
ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ජාතික රෝහලට මාරු කර
යවා තිබේ.
පෑස්සුම් කටයුතු සඳහා යොදාගන්නා උපකරණයක් පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.
ගින්න එම අවස්ථාවේදීම මැඩපවත්වාගෙන ඇති අතර සිදුවු අලාභය මෙතෙක් තක්සේරුකර නොමැත.

No comments:
Post a Comment