නිවාස සඳහා නව විදුලි සම්බන්ධතා ලබාදීමේ දී ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල්
සඳහා ණය ආධාර ක්‍රමයක් හඳුන්වා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය
කර තිබේ.
ලබන 30 වන දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කරනු ලබන මෙම වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක තිරු බදු රහිත අනුග්‍රහයක් දැක්වීමට එකඟතාව පළ කර ඇති බව සඳහන් වෙයි.
වැඩසටහනේ පළමු අදියර හම්බන්තොට, අම්පාර හා රත්නපුර යන දිස්ත්‍රික්කවල විදුලිය නොමැති අඩු අදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහිදී එක් පවුලක් සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව ණය මුදල් පිරිනැමෙන අතර එය වසර 6ක් ඇතුළත කොටස් වශයෙන් ගෙවා අවසන් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

No comments:
Post a Comment