Sunday, April 27, 2014

අලියාවැටුණු වැවෙන් ගව ඝාතකාගාරයක් වටලයි

අලියාවැටුණු වැවෙන් ගව ඝාතකාගාරයක් වටලයි අනුරාධපුර, අලියාවැටුණු වැව රක්ෂිතයේ නිති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වැටලීමට අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබේ.

එම ස්ථානයේ තිබි ඝාතනය කරන ලද ගවයින් හය දෙනෙකුගේ මස් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු ලොරි රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම ගවමස් තොගය කොළඹට ප්‍රවාහනය කිරිම සඳහා සූදනම් කර තිබු බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වි ඇත.

අදාළ ගව ඝාතකාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයින් සහ ලොරි රථයේ රියදුරු පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment