පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වු ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික
සරණාගතයින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
ඉන්දියාවේ තිරුචි අධිකරණය විසින් මෙම දඬුවම ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
සරණාගත පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනාට මෙලෙස ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී ඇත.
කොට්ටපත්තු සරණාගත කඳවුරේ සිටිය දී 2009 වසරේ මෙම ඝාතනය සිදුව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.
සිරදඬුවම් නියම වී ඇත්තේ රගුනේෂන්, රාජාගෝපාල් සහ ජයරූබන් නැමති ලාංකික සරණාගතයින් තිදෙනෙකුටය.
No comments:
Post a Comment