පොතුහැර දුම්රිය ස්ථානයේ දී සිදු වූ
දුම්රිය අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පහළොවකට ආසන්න
අලාභයක් සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ (30)
රාත්‍රී ‘ලක්බිම’ට අනාවරණය කළේය. මෙම අනතුරින් දුම්රිය ඇන්ජින් දෙකම
සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර දුම්රිය මැදිරි හයක්සහ
දුම්රිය මාර්ගය බරපතළ ලෙස
හානියට ලක්ව තිබේ. සිදු වූ අලාභය කොපමණ දැයි නිශ්චිතව කිව හැක්කේ පරීක්ෂණ
කටයුතු වලින් පසුව බව දුම්රිය ප්‍රධානියෙක් ‘ලක්බිම’ට පැවැසීය.
මෙම අනතුර ගැන සෙවීමට දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින් පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇත.දුම්රිය
ගමනා ගමන අධිකාරී එල්. ආර්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති
කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රවාහන අමාත්‍යවරයාට සහ දුම්රිය
සාමාන්‍යධිකාරීවරයාට භාරදීමට නියමිතය.දුම්රිය
අනතුර සිදුවීමෙන් පසු ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇණ හිට
ඇත. පසුව කොළඹ සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය පොල්ගහවෙල දක්වා සීමා
කිරීමට දුම්රිය පාලන මැදිරිය කටයුතු කළේය.අද (1) දිනය වනවිට දුම්රිය ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්. ආර්. රත්නායක මහතා පැවැසීය.
No comments:
Post a Comment