නිසි වර්ණ පිළිවෙල නොතිබුණු බෞද්ධ කොඩි 60,000 ක් පමණ කොළඹ, පිටකොටුව
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසයි.
පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයට අයත් වෙළඳසැල් කිහිපයකින් මෙම කොඩි
සොයාගත් බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම කොඩි මුද්‍රණය කරනු ලැබීම,බෙදාහැරීම කවුරුන් විසින් කෙසේ සිදුකරන්නේද
යන්න තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත්, මේ මොහොතවන විට තවත් වැටලීම්
සිදුකෙරෙමින් පවතින බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගැනීමෙන් අනතුරුව නීතිමය වශයෙන් ගනු ලබන
ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළඹෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment