ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති
වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී
තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ.
ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය විසඳීම පිණිස දැනටමත් ඩොලර් කෝටි ගණනක් වියදම් කොට තිබෙන නමුත් තවමත් එයට විසඳුම් ලැබී නැති බවද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.
කෙසේ නමුත් බංග්ලාදේශය සහ වියට්නාමය මේ වන විට එළිමහනේ වැසිකිලි යාම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීමට සමත් වී තිබෙන බවද ඔවුහු පවසති.
No comments:
Post a Comment