Sunday, May 11, 2014

මහ ඡන්ද දෙකම කල් යන ලකුණු

election 







නියමිත කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා කල් දැමිය යුතු බවට රජයේ ඉහළ පෙළේ ඇමැතිවරුන් අතර සාකච්ඡා පැවැත්වෙන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා පසුව ජනාධිපතිවරණය පැවැත් විය යුතු බවටරජයේ ඇමැතිවරු පිරිසක් යෝජනා කර ඇති අතර මුලින්ම ජනාධිපතිවරණය පවත්වා පසුව මහ මැතිවරණය පැවැත්විය යුතු යැයි තවත් පිරිසක් යෝජනා කර ඇත.
මේ මොහොත වන විට රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව මුලින්ම මහමැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 15 ක් පමණ අහිමිවනු ඇති බවත් ජනාධිපතිවරණය පවත්වා පසුව මහ මැතිවරණය පැවැත් වුවහොත් මන්ත්‍රී ආසන 10 ක් පමණ අහිමි වනු ඇති බවත් දේශපාලන විශ්‍ලේෂකයන් විසින් රජයට පෙන්වා දී තිබේ.
මේ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ද මොවුන් පෙන්වා දී ඇත.මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ඉකුුත් සිකුරාදා සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අතර එය ද හදිසියේ අවලංගු කර තිබිණි.
එමෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඔවුන්ට පක්ෂපාතී රජයක් පිහිටුවා ගැනීමට කටයුතු කරමින් සිටින අවධියකදී මැතිවරණයක් පැවැත්වීම අවාසිදායක බව ද මෙම විශ්‍ලේශකයින් පෙන්වා දී තිබේ. මුලින්ම බටහිර බලවේගවලින් පැමිණෙන බාධාවලට විසඳුම් සෙවිය යතු බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.
වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලය 2016 අප්‍රේල් මාසයේදී ද ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය 2016 නොවැම්බර් මාසයෙන් ද අවසන් වේ. කොයි ආකාරයෙන් හෝ ඊට පෙර මෙම මැතිවරණ දෙකම පැවැත්විය යුතු තත්ත්වයක්ද ඇතිවී තිබේ.

No comments:

Post a Comment