තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය විසින් බැංකොක් අගනුවර මෙහෙය වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේය.අගමැතිනි යින්ලක් ශිනවත් ඇතුළු කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහ කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් දින දෙකකට පසුව ප‍්‍රධාන විපක්ෂය මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුනේ වැඩ බලන ආණ්ඩුවද ඉවත් කළ යුතු බවට බල කරමින්.
උද්ඝෝෂකයන් අමතා කතා කළ උද්ඝෝෂණයේ නායක සුතේප් තෞග්සුබන් අවධාරණය කළේ ඔවුන් පොලිසියේ සතුරන් නොවන බවයි.
"අපේ එකම සතුරා තක්ෂින් පාලනාධිකාරිය සහ ඔහුගේ පවුලේ අය විතරයි. රූපවාහිනී ආයතන, බය වෙන්න එපා. අපි කාටවත් හානි කරන්නේ නැහැ. අපි ආවේ ඔබ ආරක්ෂා කරන්න," යනුවෙන්ද ඔහු පැවසීය.
හිටපු අගමැතිවරිය සහ කැබිනට් ඇමතිවරුන් පිරිස බලය යුතු ලෙසින් යොදා ගැනීමේ චෝදනාවට වැරදිකරුවන් බව ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කළේය.
No comments:
Post a Comment