Monday, May 5, 2014

එල්.ටී.ටී.ඊය පැරදවීමෙන් පසු ඉන්දියාවට පැන්න පළමු කණ්ඩායම අත්අඩංගුවේ

එල්.ටී.ටී.ඊය පැරදවීමෙන් පසු ඉන්දියාවට පැන්න පළමු කණ්ඩායම අත්අඩංගුවේනීතී විරෝධි ලෙස බෝට්ටු මගින් ඉන්දියාවට පලාගිය ශ‍්‍රී ලාංකික සංක්‍රමණිකයින් 10 දෙනෙකු එරට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ පලාගිය අය අතර ළමුන් 5 දෙනෙකුද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2009 වසරේදී එල්.ටී.ටී.ඊය පරාජය කිරීමෙන් පසු බෝට්ටු මගින් ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් පිරිසක් ඉන්දීයාවට පැමිණි පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

අත්අඩංගුවට ගත් ලාංකිකයින් ඉන්දීය පොලිසීයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මෙම ගමන සඳහා තමන් අදාළ බෝට්ටුවේ හිමිකරුට රුපියල් 80 දහසක් බැගින් ලබාදුන් බවයි.

No comments:

Post a Comment