රටේ අනාගතය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දැක්ම සහ ඉලක්ක පිළිබඳ
මහජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මහතා පවසයි.
අමෙරිකාවේ මැසැෂුසෙට්ස් තාක්ෂණ ආයතනයේ අධ්‍යයන කටයුත්තක නිරතව සිටින
විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ රජයේ ආර්ථික
ප්‍රතිපත්තිය සහ මහා පරිමාණ දූෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ බිම්
මට්ටමේ වැඩපිළවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
තමන් ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවීමට කිසිදු තීරණයක් ගෙන
නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ 17 වැනි සංශෝධනය යළි ක්‍රියාත්මක
කර 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී ඇති විධායක බලතල සීමා
කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
එමෙන්ම කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාට වඩා වැඩි බලතල හිමිවන ක්‍රමවේදයක් සකස් කරන බව ඔහු ප්‍රකාශ කර ඇත.
සෞඛ්‍ය , අධ්‍යාපන සහ මූල්‍ය ක්ෂේත්රවල දැවැන්ත ප්රතිසංස්කරණයක් සිදුකළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.
No comments:
Post a Comment